හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ සේවකයන්ට හිඟ අයවැය සහන දීමනාව වශයෙන් ගෙවීමට නියමිතව තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවීම හේතුවෙන් ඊට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ආයතනයේ අධ්යක්ෂවරුන් පස් දෙනකුට සිතාසි නිකුත් කර ඇත. මෙලෙස සිතාසි නිකුත් කර […]Read More
උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) ගණනය කිරීමේදී සලකාබලන ලද මූල්‍ය නොවන ප්රතිලාභ ගෙවීම සංශෝධනය කරමින් දේශීය අදායම් දෙපාර්තමේන්තුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අඟහරුවාදා (පෙබ 07) ප්‍රකාශයට පත් කරන ලද මෙම චක්‍රලේඛය හරහා පෙර 2022 දෙසැම්බර් 22 දිනැති අංක SEC/2022/E/05 චක්‍රලේඛය අවලංගු කර ඇත. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, […]Read More
බිත්තර සඳහා නව පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය අද (06දා) අධිකරණයට දැනුම් දුන්නේය. බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු මස නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනුකළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ බව අධිකරණයට දැනුම් දුන්නේය. සුදු බිත්තරයක් සඳහා […]Read More
ගෑස් මිල ඉහළ ගිය ද, ආහාර මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධානී අසේල සම්පත් මහතා සඳහන් කළේ, පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ යාමේ සහනය ලබා දීම උදෙසා මේ තීරණය ගත් බවය “දේශීය වෙළෙඳපොලේ අර්තාපල්, ලූණු සහ අනෙකුත් එළවළු වර්ගවල මිල පහළ ගොස් තිබෙනවා. එම ලාභය පාරිභෝගිකයන් වෙත […]Read More
ලාෆ්ස් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමන බව නිවේදනය කරයි. එහි නව මිල වන්නේ රුපියල් 5,280ක්.Read More
අද (05) සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු 334කින් ඉහළ නංවා ඇති බව එම සංගමයේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. එහි නව මිල රුපියල් 4,743 කි. කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මීට පෙර රුපියල් 1,170 කට අලෙවි කෙරුණු අතර එහි මිල රුපියල් 134 […]Read More
ජනවාරි මාසයේදී සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් මෙරටට පැමිණි බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ජනවාරි 31 දක්වා සංචාරක පැමිණීම් පිළිබඳ සාරාංශ වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින් ඔහු කියා සිටියේ සංචාරක ක්ෂේත්රයේ දිරිගැන්වීම් හේතුවෙන් වර්ධනයක් ඇති වූ බවය. ඒ අනුව 2022 ජනවාරි මාසයේදී සංචාරකයින් 82,327ක් පැමිණ ඇති අතර 2023 ජනවාරි මාසයේදී සංචාරකයින් 102,545ක් පැමිණ ඇත. 2022 […]Read More
ශ්‍රී ලංකාව වැනි රටවල දිගුකාලීන සමාජ ආර්ථික සංවර්ධනය සඳහා විසඳුම් ලබා දෙන්නේ සමාජවාදය මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්ති පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඩේලි මිරර් සමග පැවැති සාකච්ඡාවක දීය. ප්රශ්නය:ජාතික ජන බලවේගයේ මූලික පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ සිය ආර්ථික […]Read More
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කිහිපයක් එකවර බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වේ. මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook ඇතුළු සේවාවන් රැසක් මෙලෙස බිඳවැටී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව එම සමාගම සඳහන් කරයි. ඒ හේතුවෙන් අපහසුතාවයට පත්වූ සේවාදායකයින් ගණන සම්බන්ධයෙන් එම සමාගම හෙළිකර නොමැත.Read More
එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම මත මෙරට ගෑස් මිල ද මෙසේ ඉහළ යනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසා සිටී.Read More