OPEX Holdings හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික 45 හැවිරිදි ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක මිය ගොස් සිටියදී හමුවී ඇති බව අද (05) උදෑසන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සුබසිංහ ඔහුගේ බ්‍රසීලියානු බිරිඳ, ඔහුගේ 4 හැවිරිදි දියණිය සහ තවත් නාඳුනන බ්‍රසීල ජාතික කාන්තාවක් සමඟ ජකර්තා හි විනෝද චාරිකාවක යෙදී සිට ඇති බව පැවසේ. […]Read More
සහසර’ මගී ප්‍රවාහන නව්‍යකරණ වැඩසටහන මේ මස 28 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබේ. මගී ප්‍රවාහන බස් රථ සේවාව සහ මගී ජනයා සුහුරු තාක්ෂණය ඔස්සේ බලගන්වමින් බස්රථ කර්මාන්තයට හා රටට ආර්ථික වාසියක් අත්කර ගැනීම සඳහා 2015 යහපාලන රජය යටතේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම ව්‍යපෘතිය ආරම්භ කරනු ලැබිණි. පසුව හිටපු ජනාධිපති […]Read More
විදුලිබල මණ්ඩලයේ විශේෂඥයින්ට අනුව මන්නාරම පූනරින් කලාපයේ සුලඟ මගින් විදුලිය නිපදවීම සදහා බලශක්ති ඝනත්වය ලෝකයේ බොහෝ ස්ථාන වලට වඩා ඉහල මට්ටමක පවතී. අනාගතයේ සුලං මගින් නිපදවන අතිරේක විදුලිය ග්‍රීන් හයිඩ්රජන් (Green Hydrogen) නිපදවීම මගින් ප්‍රවාහනය වැනි බලශක්ති අවශ්‍යතාවයන්ට භාවිතා කිරීම සදහා ගබඩා කරගත හැකිය. ගබඩා කල කල නොහැකි පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව මගින් නිපදවෙන විදුලිය […]Read More
පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිනිය සමයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව එම නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරන ලද අභියාචනය අද (26) සළකා බැලිණ. වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ සභාපතිත්වයෙන් යුක්ත වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් මෙම නිලධාරීන්ට එරෙහිව සිදු කරන ලද පැමිණිල්ලක් ප්‍රකාරව සිදු කෙරුණු විමර්ශනයකින් පසු එවක […]Read More
රට බේරාගැනීමට කියා බලයට ආ ගෝඨාභය රාජපක්ෂ මහතා අවසානයේ ඉතිරි කළේ බංකොලොත් වූ රටකි. රට බංකොලොත් වුවද ඔහු හෝ රාජපක්ෂ පවුල නම් කිසිදා බංකොලොත් වූයේ නැත. ඔවුන්ට ආර්ථික අර්බුදයක සේයාවක්වත් දැනුණේ නැත. මේ බව හොඳින්ම ඔප්පු කරන පින්තූරයක් මේ මොහොත වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වේ. එම පින්තූරය පහතින්, උත්සව සමයේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු […]Read More
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පොතක් ලියූ හිටපු මහ බැංකු අධිපතිවරයෙක් එම පොත හොඳින් කියවා රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය තේරුම් ගන්නා ලෙස එය විහිළුවට ලක් කරන අයගෙන් ඉල්ලා සිටියි. මාධ්‍ය අමතමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ රජය මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගියේ මන්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරන බවය. එම ප්‍රමාදය සම්බන්ධයෙන් […]Read More
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ බාහිර ණය සඳහා පිළියම් පිළිබඳව තවමත් බාහිර ද්විපාර්ශ්වික සහ වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවය. “දේශීය බැංකු අංශයට, රක්ෂණ අංශයට සහ විශ්‍රාම අරමුදල්වලට අහිතකර බලපෑමක් ඇති කරන දේශීය ණය සඳහා […]Read More
තිලිණි ප්‍රියමාලි පසුගිය දිනවල පුවත් මැවූ තැනැත්තියකි. ඒ මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනි. ඈ දැල දමා ඇත්තේ නිකම්ම නිකම් හාල්මැස්සන්ට නොව දේශපාලන, කලා, ආගමික ආදී විවිධ ක්ෂේත්රවල තෝරුන් මෝරුන්ට බව පසුගිය පුවත් සනාථ කරයි. මේ තවමත් හෙලි නොවූ කතාවකි. ක්ලැරන්ස් කුමාරගේ නමැත්තා ද තිලිණි සමග ගනුදෙනු කළ පුද්ගලයෙකි. ගනුදෙනු කීවාට කොටින්ම තිලිණිගේ ව්‍යාපාර සහකරුවෙකි. දැන් […]Read More
මාර්ග සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට බඩ ඉරිඟු වගා කිරීම සඳහා ඉඩම් ලබා දෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. මෙම කොන්ත්‍රාත්කරුවන් අතරින් බොහෝ දෙනෙක් හරහා සිදුකර ගන්නා ලද වැඩ වලට මෙතෙක් මුදල් ගෙවීම් සිදු කර නැත. එසේ තිබියදී ඔවුන්ගේ මූල්‍ය තත්වයත් රටේ පවතින ආර්ථික අර්බුදයත් සැලකිල්ලට ගෙන මෙය සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යැවූ […]Read More
ඊයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකීමට ශ්‍රී ලංකාව තීරණය කළේය. යුක්රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙළා දැකීම සඳහා එම ඡන්දය විමසීම පැවැත්විණ. රුසියාවට එරෙහි යෝජනාවට පක්ෂව රටවල් 143 ක් ඡන්දය පාවිච්චි කොට ඇති අතර, රාජ්‍ය 35 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය […]Read More