දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම වෙනුවෙන් වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකිය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩනමින් පිරවීමේ […]Read More
අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කලේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම […]Read More
2022 ජූලි 09 වෙනිදා ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගන්නා ලද රු. මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති […]Read More
උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) ගණනය කිරීමේදී සලකාබලන ලද මූල්‍ය නොවන ප්රතිලාභ ගෙවීම සංශෝධනය කරමින් දේශීය අදායම් දෙපාර්තමේන්තුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අඟහරුවාදා (පෙබ 07) ප්‍රකාශයට පත් කරන ලද මෙම චක්‍රලේඛය හරහා පෙර 2022 දෙසැම්බර් 22 දිනැති අංක SEC/2022/E/05 චක්‍රලේඛය අවලංගු කර ඇත. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, […]Read More
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා භාරදී තිබූ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසක් එම පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට […]Read More
කළුතර දකුණ පොලිස් වසමේ තේක්කවත්ත, පලාතොට ප්‍රදේශයේදී 26 හැවිරිදි තම සොහොයුරා ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ සහෝදරයන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් 14 හැවිරිදි තරුණයා තම වැඩිමහල් සොහොයුරාට පිහියකින් පහර දී ඇති බවය. ඔවුන්ගේ මව රෝහල් ගත කර සිටින තම පියා බැලීමට පැමිණෙමින් සිටියදී මෙම […]Read More
ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් වන ආචාර්ය විමුක්ති ජයවීර ශ්‍රී ලංකාවේ ග්රැෆින් ව්‍යාපෘතියේ විශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටි පුද්ගලයෙකි. වයස අවුරුදු 37ක් වුණු විමුක්ති පහුගිය සිකුරාදා අපෙන් සමුගත්තේ කුඹුක ප්‍රදේශයේ සිදුවූ හදිසි අනතුරකිනි. විමුක්ති මිය ගියේ මාර්ග අනතුරේ දී සිදු වූ ඍජු ගැටීමේ ප්‍රතිඵලයක් විදිහට නොවේ. අනතුරේදී සිදුවන ඝට්ටනය සමඟ ක්‍රියාත්මක වුණ එයාර් […]Read More
අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සෘජු බදු ප්‍රමාණය අඩු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යහපත් අනාගතයක් උදෙසා තවත් මාස කිහිපයක් ඉවසන ලෙස ද, අද (08) පාර්ලිමේන්තුවේ නව වාරය ආරම්භ කරමින් රාජාසන කතාව සිදුකළ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. “නව බදු ප්‍රතිපත්ති හඳුන්වාදීම දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තියාගන්න මම ආවේ ජනප්‍රිය වෙන්න […]Read More
පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පක්ෂය විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට හේතු වූ ප්‍රධාන අවශ්‍යතා දෙක රනිල් වික්‍රමසිංහ විසින් සපුරා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඊයේ රූපවාහිනී සංවාදයකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන් ම සියළු දේශපාලන […]Read More
රජය විසින් ජනවාරියේ සිට ක්‍රියාත්මක බදු ක්‍රමය නිසා රජයේ වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටළුවලට සංවේදී වීමට රජය අපොහොසත් වීම හේතුවෙන් සංකේත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවී ඇති බව රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය (GMPA) පවසයි. එම බදු ක්‍රමය මගින් රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ වැටුපෙන් 36% දක්වා බදු අය කර ගැනීමක් සිදුවන බව ද ඔවුන් පෙන්වා දෙයි. ඒ […]Read More