IMF අනුමැතිය හෙට! – ඩොලර් අර්බුදය ඉවරයි!

 IMF අනුමැතිය හෙට! – ඩොලර් අර්බුදය ඉවරයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවිසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම වෙනුවෙන් වූ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හෙට දිනයේදී ලැබෙනු ඇති බව මහ බැංකු අධිපති ආචර්ය නන්දලාල් වීරසිංහ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.

ඒ හරහා ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිදියුණුවීම, තවත් අරමුදල් වෙනුවෙන් දොරටු විවෘත වීම, ආයෝජන පැමිණෙනු ඇති බවත් ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාව සඳහා වන ණය මුදල අනුමත කිරීමෙන් පසු පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 390 කට ආසන්න මුදල් පළමු වාරිකය ලෙස අඟහරුවාදා ලැබෙනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම IMF පහසුකම ක්‍රියාත්මක වූ පසු, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව හරහා අයවැය හිඟය පියවා ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 පමණ ණයක් ලබාගැනීමට අවස්ථාව ඇති වන බවත් මහ බැංකු අධිපතිවරයා පවසයි.

Newspedia 02

Related post