සිදුවූ භූ කම්පන ගැන ජනතාවට දැනුම්දීමක්!

ඊයේ හා අද අලුයම ත්‍රිකුණාමලය හා කිරින්ද ප්‍රදේශ වල සිදුවූ භූ කම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බව එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.
“ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන භූකම්පන මාන 4ම මේ භූකම්පනය වාර්තා වුණත් අප වෙත කිසිදු ආකාරයක පැමිණිල්ලක් මහජනතාව විසින් කළේ නෑ. මේ භූකම්පන අධ්‍යනය කිරීමේ දී අපට සඳහන් කරන්න පුළුවන් කාරය තමයි ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර මායිම ඔස්සේ රික්ටර් මාපංක 4 – 5 භූකම්පන රැසක් සිදුවුණා. ඒ භූකම්පනවලදී නිකුත් වු ශක්තියෙහි යම් නිදහස් වීමක් ලංකාව හරහා සිදුවුවා ද කියන කාරණය සම්බන්ධයෙන් අපි අවදානය යොමුකරලා තියෙනවා. යම් හානියක් සිදුවෙයි කියලා අනියත බියක් ඇති කරගත යුතු නෑ.”