පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන් වේ!

 පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන් වේ!

පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත්කර ගත යුතු උවත් එසේ නොවීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියෙන් පසු පළාත් පාලන ආයතන වල බලය කොමසාරිස්වරුන් අතට හා ආයතනවල ලේකම්වරුන් යටතට පත් කරනු ඇති.

ඒ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට ද පැවරීමට නියමිතය.

2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර හතරක කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුව ද පසුගිය වසරේ පැවති තත්ත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කෙරුණි.

එමෙන්ම නිල කාලය අවසන් වීම හේතුවෙන් සියලු පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපල යළි රජයට බාරදෙන ලෙස දැනුම් දී තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ප්‍රමාද වී පිහිටු වීම හේතුවෙන් එහි නිල කාලය තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

Newspedia 02

Related post