වතුරට වඩා ලේ ඝනකම වැඩියි. ලංකාව වෙනුවෙන් ඉන්දියාව පෙරට ඒම ස්වාභාවිකයි

ජලයට වඩා ලේ වල ඝනකම වැඩි බැවින්, වඩාත් දුෂ්කර අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ඉදිරිපත් වීම ස්වාභාවික බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් මහතා පවසයි.
“රුධිරය ජලයට වඩා ඝනයි. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට ඉන්දියාවට කළ හැක්කේ කුමක්දැයි ඉන්දියාවට සොයා බැලීම ස්වාභාවිකය,”
එස්. ජයිශංකර්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය
අර්බුදකාරී අවස්ථාවන්වලදී ඉන්දියාව තම “Neighbourhood first policy”(අසල්වැසිකම පළමුව) ප්‍රතිපත්තිය සමගින් අසල්වැසි රටවල් සමග සිටගෙන තිබේ.
ඉන්දියාව සිය ‘අසල්වැසියන්ට පළමුව’ ප්‍රතිපත්තිය යටතේ ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සෑම විටම ඉදිරිපත් වී ඇති අතර, නවතම අවස්ථාව ලෙස නවදිල්ලිය (ඉන්දියාව) මාර්තු 16 වන දින කල්මුණේ ප්‍රදේශයේ සහනාධාර වැඩපිළිවෙලක් දියත් කොට තිබේ.
ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස් ජයශංකර් මේ බව කියා සිටියේ සිකුරාදා නවදිල්ලියේ පැවති ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ නිර්මාණ ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
“මට ශ්‍රී ලංකාව ගැන සිතන විට ජෙෆ්රි බාවා මගේ මතකයට නැඟෙන චරිතයකි,” ඔහුගේ ජයග්‍රහණ ශ්‍රී ලංකාව පමණක් අයත් නොවේ,” “මෙම ප්‍රදර්ශනය දෙරට අතර ඉතා සමීප සබඳතාවයක් ප්‍රවර්ධනය කරනු ඇතැයි මට විශ්වාසයි,”