බටගොඩ මගුලක අවමගුලක්!

 බටගොඩ මගුලක අවමගුලක්!

අඟුරුවාතොට, බටගොඩ හන්දියේ ඊයේ රාත්‍රී (17) කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ආරාවුලකින් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පොලීසිය පවසන්නේ සිද්ධියෙන් අනතුරුව අද උදෑසන බටගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී 36 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බවය.

සිදුවීමෙන් තුවාල ලද කණ්ඩායම් දෙකේම පුද්ගලයන් පස්දෙනෙක් කොළඹ, නාගොඩ සහ හොරණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ බටගොඩ ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයක දී මෙම ගැටුම ආරම්භ වී ඇති බවය.

අඟුරුවාතොට පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරන අතර, මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වේ.

Newspedia 01

Related post