කාන්තාවන් තිදෙනෙකු මරා දේපළ කොල්ලකෑමකට සැකකරු අල්ලයි

ඇල්පිටිය ප්‍රදේශයේදී කාන්තාවන් තිදෙනෙකු ගෙල සිරකර ඝාතනය කර දේපළ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පසුගිය වසරේ නොවැම්බර් 02 වැනිදා ඉත්තෑපාන ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල මිරිකා ඝාතනය කර ඇයගේ බඩු බාහිරාදිය කොල්ලකෑම සම්බන්ධයෙන් සහ පසුගිය මාසයේ ඇල්පිටියේ දී ගෙල සිරකර ඝාතනය කළ කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළේය.
යගිරල ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය පොලිසියට භාරදී ඇත.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රන් මාලයක්, කරාබු ජෝඩු 03ක් සහ ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුට එරෙහිව මතුගම, කළුතර සහ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවද අනාවරණය වී තිබේ.
වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා ඔහු රඳවාගෙන තිබේ.