ශ්‍රී ලංකාවේ පාපන්දුවට මුළු ලොවම එරෙහි වෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිය ඡන්ද අයිතිය අත්හිටුවීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 197ක් හිමි වූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි
2023 ජනවාරි මාසයේදී මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මැතිවරණයට බලපෑම් එල්ල කිරීම හරහා ලෝක පාපන්දු සම්මේලනයේ ප්‍රඥප්තිය කැඩූ බවට ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වී තිබේ.
එසේම සිම්බාබ්වේ පාපන්දු සම්මේලනයේද ඡන්ද ප්‍රකාශ කිරීම අත්හිටුවීමේ යෝජනාවටද ඡන්ද 199 ක් හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.