පැවති වැඩවර්ජනයට කැමතිද? අකමැතිද? – NPP අයගේ මත පරස්පරයි!

පසුගිය 15 වනදා වෘත්තීය සමිති 40ක පමණ සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ වැඩවර්ජන හේතුවෙන් රාජ්‍ය සේවය අඩපණ වූ අතර රජයේ පාර්ශවයෙන් එම වැඩවර්ජන අසාර්ථක බවත් තවත් පසෙකින් වැඩවර්ජන නිසාවෙන් රටට අහිමිවූ මුදල් පිළිබඳවද පරස්පර අදහස් දක්වනු දැකගත හැකි විය.
බොහෝ දේශපාලන පක්ෂ මෙම වැඩවර්ජන සඳහා තම දායකත්වය සෘජුව ප්‍රකාශ කරනු දැකගත හැකි වුවත් ජාතික ජනබලවේගයේ සාමාජිකයන් මෙම වැඩවර්ජන සඳහා පලකල අදහස් වල පරස්පර ප්‍රකාශ දැකගැනීමට හැකිවීමත් සමඟ මේ සඳහා ඔවුන්ගේ දායකත්වය කුමක්ද යන්න පිළිබඳව ගැටලුවක්ව පවතී.
එහිදී ජාතික ජනබලවේගයේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මෙම වැඩවර්ජන පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ 15 වනදා පැවැත්වූ වැඩවර්ජන අතිසාර්ථක බවයි.
කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පරිපාලන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ලාල්කාන්ත මහතා වැඩවර්ජන පැවැත්වීමටත් පෙරාතුවම අඛණ්ඩ වර්ජනයක් සදහා තමන්ගේ කැමැත්තක් නොමැති බව ප්‍රකාශ කරනු දැකගත හැකි වූ අතර වර්ජනයෙන් පසුවද ඒ මහතා පවසා සිටියේ ජනතාව පීඩාවට පත්කරන මෙවැනි වැඩවර්ජන මේ මොහොතේ නොපැවැත්විය යුතු බවයි.
එමෙන්ම ඒ මහතා පවසන්නේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය උද්ඝෝෂණයක් හෝ වැඩවර්ජනයක් සංවිධානය කරනු ලබන්නේ ජනතාවගේ පැත්තේ හිඳිමින් බවත් මෙවැනි ෆැෂන් එකට හෝ රැල්ලට සිදුකරන් වැඩවර්ජන නොවන බවත්ය.