නිෂාන් මධුෂ්කට ටෙස්ට් වරම් හිමිවේ!

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු නිෂාන් මධුෂ්කට අද (17) ටෙස්ට් වරම් හිමිවිය.
ඒ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන්හිදී අද පැවත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය තුලදීය.
ශ්‍රී ලංකාවේ 163 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නිෂාන්, ටෙස්ට් වරම් දිනාගනු ලැබිණ.
මොරටු මහා විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන 23 හැවිරිදි නිෂාන්, මෙම තරගයේදී කඩුලු රකින්නා ලෙස ද කටයුතු කරයි.
ඇන්ජලෝ මැතිව්ස් විසින් නිෂාන්ට නිල වශයෙන් ටෙස්ට් හිස්වැස්ම පිරිනැමීය.