නවසීලන්තයත් TikTok ගැන දැඩි තීරණයක් ගනී!

TikTok මෙවලම පිළිබඳව නවසීලන්ත බලධාරීන්ද තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව එරට පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා TikTok වෙත පිවිසීම තහනම් කිරීමට නවසීලන්තය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.
එවැනි තීරණ මේ වනවිට රටවල් කිහිපයක් ගෙන ඇති අතර විදෙස් මාධ්‍ය පවසන්නේ සිය දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවය.