කසළ බලාගාරයේ වැඩ නවතී! – යළි කොළඹ කුණු වෙයි!

 කසළ බලාගාරයේ වැඩ නවතී! – යළි කොළඹ කුණු වෙයි!

2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර ලද මෙරට ප්‍රථම ඝන අපද්‍රව්‍ය බාවිත කිරීමෙන් විදුලිබලය ජනනය කිරීමේ බලාගාරයේ වැඩ කටයුතු මේ වනවිට නවතා දමා ඇති බව වාර්තා වේ.

2015 බලයට පත්වූ යහපාලන රජයේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතාගේ මැදිහත් වීමෙන් පෞද්ගලික අංශය හා එක්ව සිදුකළ මෙරට සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙය පෙන්වාදිය හැකිය.

ඝනඅපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 500ත් 800ත් අතර ප්‍රමාණයක් බාවිතයට ගනිමින් මෙගාවොට් 10ක පමණ ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ අරමුණින් කෙරවළපිටියේ ඇරඹි මෙම ‘වෙස්ට් එනර්ජි පලාන්ට්’ ව්‍යාපෘතිය නවතා දැමීම තුළින් මෙරට ජනතාවගේ විදුලි අවශ්‍යතාවයට සහනයක් වීම නවතිනවා සේම රටට හිසරදයක් වී ඇති කුණු කසළ නැවත රට තුළ එකතු වීම නොවැලැක්විය හැකි.

මෙම බලාගාරයේ දහන ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත තුළ එකතුවන කුණු කසළ යොදාගැනීම සිදුවූ අතර මෙවැනි වටිනා ව්‍යාපෘතියක් නවතා දැමීම තුළින් යළිත් කොළඹ නගරය කුණු ගැටලුවෙන් පීඩා විඳීම නුදුරේදීම දැකගත හැකි දෙයක් වනු ඇති.

Newspedia 02

Related post