TikTok මෙවලමට අමෙරිකාවෙන් දැඩි අනතුරු ඇඟවීමක්!

“ByteDance” යන චීන සමාගමේ හිමිකාරිත්වය දරන TikTok මෙවලම සඳහා අමෙරිකානු රජය දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බව වාර්තා වේ.
එහිදී අමෙරිකාව විසින් TikTok මෙවලම චීන නොවන සමාගමකට විකිණිය යුතු බවත් එසේ නොකළහොත් අමෙරිකාව තුළ TikTok තහනම් කරන බවටත් අනතුරු අඟවා ඇති බව පැවසේ.
අමෙරිකානුවන්ගේ දත්ත චීන සමාගමක් සතුව තිබීම අමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බව එරට බලධාරීන් තීරණය කර තිබීම මෙම අනතුරු ඇඟවීමට හේතු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
අමෙරිකාව විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව අදාළ චීන සමාගමද වාර්තා කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.