සකර්බර්ග් තවත් සේවකයන් 10,000ක් ගෙදර යවයි!

මෙටා සමාගම යළිත් වතාවක් තම සේවකයන් 10,000කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.
2022 වසරේ නොවැම්බර් මාසයේදී මීට පෙර සේවකයින් 11,000ක් පමණ සේවයෙන් ඉවත් කරනු ලැබිණි.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් මෙම තීරණය පිළිබඳව නිවේදනයක් ලබාදෙමින් පවසා ඇත්තේ මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බවය.