නවසීලන්තය කඩුලු 2 කින් ජයගනී. ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටේ!

 නවසීලන්තය කඩුලු 2 කින් ජයගනී. ලංකාවේ බලාපොරොත්තු බිඳ වැටේ!

නවසීලන්තය අද ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 2 ක විශිෂ්ට ජයක් ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් ඉවත් වීමට සිදුවිය.

තරගයේ අවසන් දිනයේ දී ශ්‍රී ලංකාවට කඩුලු 9ක් අවශ්‍ය විය.

තරගය ආරම්භ කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 257ක් අවශ්‍යව සිටි නවසීලන්තයට පන්දු යැවීමට ශ්‍රී ලංකා පිලට ඕවර 52ක් ඉතිරිව තිබිණි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා ගත්තේය.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබාගත් අතර පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළේය.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබාගත් අතර අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

පන්දු යැවීමේදී පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, ළහිරු කුමාර කඩුලු 3 ක්, කසුන් රාජිත කඩුලු 2 ක් හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත්වූ අතර දෙවන ඉනිමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් හා කසුන් රාජිත 2 ක් හා ළහිරු කුමාර එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් විය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Kane Williamson විශිෂ්ට ශතකයක් ලබා ගනිමින් නොදැවී ලකුණු 121 ක් වාර්තා කළා. තරගාවලිය 1-0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවේ.

ලකුණු පුවරුව පහතින්,

Newspedia 01

Related post