රජය විසින් මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය හෙලා දකිනවා!

පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිතව තිබුණද රජය විසින් එම දිනයේදී මැතිවරණය නොපවත්වා කල් තැබීමට දරන උත්සාහය තමන් හෙලා දකින බව අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
ඒ සම්බන්ධයෙන් කාදිනල් හිමි විශේෂ මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් පවසයි.

