යුද හමුදාවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු මහ පාරේ ගුටි කෙළියක!

 යුද හමුදාවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු මහ පාරේ ගුටි කෙළියක!

යුද හමුදාවේ උසස් නිලධාරීන් දෙදෙනෙකු මහා මාර්ගයේ දී ගුටි බැට හුවමාරුවක් ඇති කර ගත් සිදුවීමක් වාර්තා වේ.

මෙලෙස මහ මඟ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිර ඇත්තේ නෙළුම් පොකුණ රඟහලේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් එල් එස් බාලචන්ද්‍ර හා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික ප‍්‍රධානී බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරා යන නිලධාරීන් දෙපලයි.

මෙම ගැටුමට හේතුවී ඇත්තේ දඹුල්ලේ පැවැති උත්සවයකට සහභාගි වීමට යමින් සිටියදී බ්‍රිගේඩියර් වරයාගේ රථය මේජර් ජනරාල්වරයාගේ මෝටර් රථය පසුකර යාමෙන් ඇතිවූ කෝප වීමක් බවට වාර්තා වේ. පසුව එය මහා මාර්ගයේ ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන තුරු නිලධාරීන් යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කර තිබේ.

Newspedia 02

Related post