මුදල් කාරක සභාවට විපක්ෂයෙන් 10 දෙනෙක්

 මුදල් කාරක සභාවට විපක්ෂයෙන් 10 දෙනෙක්

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කරන ලෙස විපක්ෂය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ස්ථාවර නියෝග අනුව විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සභාපති ධූරය දැරිය යුතු බැවින් මුදල් කාරක සභාවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ද සිල්වා මහතා නැවත එම ධූරයට පත් කළ යුතු බවයි.

කතානායකවරයා සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ පරිදි හර්ෂ ද සිල්වා මහතා යළි පත් කළ හැකි බවය.

රාවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලී චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන්, හේෂා විතානගේ, මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් මෙවර විපක්ෂය නියෝජනය කරමින් මුදල් කාරක සභාවට පත් ව තිබේ.

Newspedia 01

Related post