අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්!

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සිය අසුන්වලින් නැගී සිටිමින් විරෝධතා පුවරු ඉහළට ඔසවමින් අද (21) දින සභා ගර්භය මැදට පැමිණ මැතිවරණය පවත්වන ලෙසට විරෝධතාවයේ නිරත වූහ.
එම අවස්ථාවේදී කතානායකවරයා නිවේදනය කළේ පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබන බවයි.
ඒ අනුව මේ පිළිබඳව සාකච්ජා කිරීමට කථානායකවරයා, අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කළේය.