සෙල්ලම් පිස්තෝල, එරාජ් පොහොට්ටුවෙන් එළවයි!

සෙල්ලම් පිස්තෝල සිදුවීමක් මගින් රටම කතා බහට ලක්වූ හිටපු හම්බන්තොට නගරාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ පක්ෂ සාමජිකත්වය අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෙයට හේතු වී ඇත්තේ මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ඔහු ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා භාරදීමයි.
මීට අදාළ ලිපිය පොහොට්ටු පක්ෂයේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත යවා ඇති බවද වාර්තා වේ.
මෙම ඉවත් කිරීම නිල වශයෙන් ගැසට් කරන තුරු තවදුරටත් ඔහු පක්ෂයේ රැදී සිටිනු ඇති බවට පවසා තිබේ.