විදුලි – තෙල් ගාස්තු වැඩි වීමත් සමඟ ප්‍රතිව්‍යුහගත කිරීම් කඩිනම් කෙරේ!

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව සිය නව අයක්‍රමයන් හඳුන්වාදීමත් සමඟ එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබේ.
එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබුණ ද අයක්‍රම සකස් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද ප්‍රමාද වූ බව රජය පවසයි.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව කොටස් කිහිපයකට වෙන්කර දෙස් විදෙස් ආයෝජකයන් යටතේ පවත්වාගෙන යාමට සැලසුම් කර තිබේ.