මැතිවරණ කොමිසම ඡන්ද රාජකාරි නවතා දමයි!

 මැතිවරණ කොමිසම ඡන්ද රාජකාරි නවතා දමයි!

පළාත් පාලන මැතිවරණයට අදාළ රාජකාරි කටයුතු රැසක් අත්හිටුවන්නැයි දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් කිරීම භාර නිලධාරීන්ට සහ නියෝජ්‍ය හා සහකාර තේරීම් භාර නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එළැඹෙන සදුදා දින සිට සියලු සේවකයන්ට සාමාන්‍ය කාර්යාල වෙලාව අනුව කටයුතු කරන ලෙසත් මැතිවරණ වෙනුවෙන් වන අතිකාල රාජකාරි අත්හිටුවන බවත් දැනුම් දී තිබේ.

සති අන්ත හා රජයේ නිවාඩු පිලිබද මැතිවරණ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වසා දැමීමට ද උපදෙස් දී ඇත.

Newspedia 02

Related post