නෝටන්බ්‍රිජ් බස් රථ අනතුරේ තවත් මළ සිරුරක් හමුවේ!

ඊයේ (19) දින ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය ගණන ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් 26 හැවිරිදි 30 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු මියගොස් සිටියදී ඊයේ සොයාගත් අතර 26දෙනෙකු තුවාල ලබා තිබිණ. එමෙන්ම එක් තරුණයෙකු අතුරුදහන් වී සිටි අතර එම තරුණයාගේ සිරුර අද (20) උදැසන ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.
මෙසේ සොයාගෙන ඇත්තේ, හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිලාන් කෞෂල්‍ය නැමති 33 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරින් මියගොස් ඇති තරුණියන් දෙදෙනා තෙලිජ්ජවිල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල පදිංචිකාරිණියන් වේ.
නොර්ටන්බ්‍රිජ්, ගිනිගත්හේන මාර්ගයේ ගමන් කළ තවත් වාහනයකට ඉඩලබාදීමට යාමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.