ජවිපෙ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න.. ඒක පරණ ලියවිල්ලක් ! – ජවිපෙ

 ජවිපෙ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න.. ඒක පරණ ලියවිල්ලක් ! – ජවිපෙ

ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සරළ සිංහල අනුවර්තනය මෙන්න..


ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවියේ සඳහන් විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශය 1979 දී සකස් කරන ලද පැරණි ලියවිල්ලක් බව එම පක්ෂය පවසයි.

මේ දිනවල ඒ සම්බන්ධයෙන් සමාජය තුළ පැන නැග ඇති සංවාදය සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ සටහනක් තබන ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, තමන් ලෝකය ලබා ඇති නව දැනුම අනුව දේශීය හා ගෝලීය දේශපාලන තත්ත්වයන් අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට සමත් දේශපාලන පක්ෂයක් බවය.

ඒ අනුව සමාජයේ සංසරණය වන කොටස 1979 ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවේදී සම්මත කරගත් වැඩසටහනේ කොටසක් බව ඔවුන් පවසයි. එම වැඩසටහනට ඇතුළත් වූයේ එවකට පැවති ලෝක දේශපාලන තත්ත්වය අනුව සමුළුවෙන් අනුමත වූ සමාජවාදය සම්බන්ධ මූලික යෝජනාවකි. එකල ලෝකය සමාජවාදී සහ ධනවාදී කඳවුරු දෙකකට බෙදී තිබුණු බවත්, අනෙක් අතට එහිදී ඉදිරිපත් කළ කරුණු එකල ලොව පුරා ඕනෑම වාමාංශික ව්‍යාපාරයකට පොදු වූවක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Newspedia 01

Related post