ජනපති පාර්ලිමේන්තුව විසුරුවයි?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරී ද යන්න පිළිබඳව කතිකාවතක් පැන නගිමින් තිබේ.
ඒ අද (20) මධ්‍යම රාත්‍රියෙන් පසු වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වත්මන් ජනාධිපතිවරයා වෙත පැවරෙන බැවිනි.
ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70(අ) වගන්තිය ප්‍රකාරවය.
මෙම පාර්ලිමේන්තුව පත් වී වසර දෙකක් සහ මාස 06ක් ගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා වෙත එම බලය පැවරේ.