කිඹුලාවල Street Foods වෙළඳ සැල් ඉවත් කරන්නේ ඇමතිගේ බලකිරීමටද?

 කිඹුලාවල Street Foods වෙළඳ සැල් ඉවත් කරන්නේ ඇමතිගේ බලකිරීමටද?

කිඹුලාවල ඇවිදින මන්තීරුව ආසන්නයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි Street Foods වෙළඳ සැල් ගලවා ඉවත්කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියෙන් එම වෙළඳ සැල් හිමියන්ට දන්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පෙබරවාරි 24 වැනිදා වනවිට මෙම ජංගම වෙළෙඳසැල් එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙසට දන්වා තිබේ.

මෙසේ අදාළ හදිස්සි නියෝගය ක්‍රියාත්මකව ඇත්තේ පසුගිය සිකුරාදා එම ප්‍රදේශයෙන් ගමන්ගත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මෝටර් රථය රථවාහන තදබදයකට හසුවීම නිසා බවට රාවයක් මේවන විට එම කඩහිමියන් අතර පැතිර තිබේ.

එම ස්ථානයේ වෙළෙඳසැල් 33ක් පමණ ඇති අතර ඒ හරහා පවුල් 150කට වැඩි පිරිසක් සිය ජීවනෝපාය සරිකර ගනී.

කොවිඩ් වසංගතය හේතුවෙන් සිය රැකියා අහිමිවීම හේතුවෙන් කිඹුලාවල එම ස්ථානයේ සිය ව්‍යාපාර ආරම්භ කළ බව වෙළෙඳසැල් හිමියෝ පවසති.

“එකපාරට අපිව අයින් කරාම අපි මොකද්ද කරන්නේ කියලා අපිට හිතාගන්න බෑ. යම් මුදලක් අය කරලා හරි රට හොඳ තත්ත්වයට පත්වෙනකල් අපිව මෙතැන තියන්න කියලා තමා අපි ඉල්ලීම කරන්නේ. අපි කාටවත් කරදරයක් කරන්නේ නෑ. අපි මෙතැන ලස්සනට පිරිසිදුවට කරන්නේ. ජොගින් පාත් එකේ අයට කිසිම කරදරයක් වෙන විදියට පුටුවක්වත් තියන්නේ නෑ. මෙතැනට දැන් විදේශිකයින් පවා පැමිණෙන තැනක් වෙලා…”

Newspedia 02

Related post