මත්තල ගුවන් තොටුපලේ ආදායමට වඩා මෙහෙයුම් වියදම, 21 ගුණයකින් වැඩි!

සීමාසහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ, 2021 වාර්ෂික වාර්තාවට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ 2017 වසරේ සිට 2021 වසර දක්වා ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59 ක් බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
එය ගුවන් තොටුපළේ ආදායමට වඩා මෙහෙයුම් පිරිවැය 21 ගුණයකින් වැඩි වීමක් බව පැවසේ.
එහි දැක්වෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් වුවත්, පසුගිය වසර 5 තුළ පැමිණ ඇත්තේ ගුවන් මගීන් 91747 ක් පමණක් බවයි.
එවැනි හේතු මත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා භාවිත කළ මුදල ඵලදායි ලෙස භාවිත කර නැතැයි, විගණන කාර්යාලය සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් පවසා සිටී.
මේ අතර රත්මලාන ගුවන් තොටුපොළ ද 2017 සිට 2021 දක්වා කාලය තුළ රුපියල් මිලියන 1693 කට වැඩි අලාභයක් ලබා ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.