මගේ වැඩවල පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් ආර්ථිකයයි!

රටේ අරාජිකත්වය කරා යන අයට යා හැකි බවත් තමන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීතිය හා සාමය පවත්වාගෙන යන බවත් ආර්ථිකය ගොඩනගන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පෙරවරුවේ රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමින් මේ බව පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
ආර්ථිකය යළි ගොඩනැගීම තමයි මගේ පළමු ප්‍රමුඛතාවය. මගේ දෙවැනි ප්‍රමුඛතාවයත් එක්මයි. තුන්වැනි ප්‍රමුඛතාවයත් ඒකමයි. ඉන් පසුව ජනතාවට දැනෙන බර ඔවුන්ගෙන් ඉවත් කිරීම. මම ඒ මතයෙන් බැහැර වෙන්නේ නැහැ. මගේ රජයේ සියලු තීන්දු තීරණ ආර්ථීක ගොඩගැනීම මත පදනම් වෙනවා. මම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිය සහා සාමය අවශ්‍යයි. ඒ දෙක නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. දෙවැනි වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ස්ථාවර ආර්ථිකයක් අවශ්‍යයි. ඉතින් ඔබට නීතිය හා සාමය නැතිනම් ආර්ථික ගොඩනැගීමක් නැත්නම්, ඔබට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අරාජිකත්වයයි. අරාජිකත්වය කෙරෙහි යන ගමනේ යන්න ඕනේ අයට යන්න පුළුවන්. නමුත් මම මේ රට එතනට යන්න ඉඩ තියන්නේ නෑ. මම නීතිය සහා සාමය ගොඩනගීම සහා ආර්ථීකය ගොඩනැගීම සහතික කරනවා. ඊළඟ අවුරුද්ද වනවිට ඔබට ඔබේ අනාගතය ගැන ඡන්දය භාවිත කරමින් අවශ්‍ය වෙනස්කම් මොනවාද කියලා තීරණ ගන්නට අවස්ථාවක් ලැබෙයි. මම ඒ වෙද්දි ආර්ථීකය ගොඩනගලා, නීතිය සහා සාමය රැකගන්නවා. මම නීතිය හා සාමය කඩවීමට ඉඩ තබන්නේ නැහැ. මෙම වසරේ අවසානයට පෙර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් මේ රට තුළ ඇති කරනවා