ජල ගාස්තු වැඩි කරන්න බව ඇමති කියයි!

 ජල ගාස්තු වැඩි කරන්න බව ඇමති කියයි!

අකමැත්තෙන් වුවද ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජීවන තොණ්ඩමන් මහතා සඳහන් කරයි.

ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරණ පිරිවැයෙන් 35%ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව සඳහන් වේ.

ජල ගාස්තු මේ මොහොතේ ඉහල දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඒ මහතා පෙන්වා දෙයි.

කෙසේවෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට පරිපාලනයමය වශයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Newspedia 02

Related post