ජනරජ පෙරහැර අද වීදි සංචාරය කෙරේ!

75 වන නිදහස් දිනයට සමගාමීව පවත්වනු ලබන ජනරජ පෙරහැර අද (19) පස්වරු ප.ව 6.30 සිට වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.
පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු යොදා ඇත.
ජනරජ පෙරහැර සඳහා අලි ඇතුන් 35 දෙනෙකු සහ නර්තන කණ්ඩායම් 45 ක් සහභාගී වන බවත් එහිදී රාජ්‍ය ලාංජනය මංගල හස්තිරාජයා පිට වැඩම කරවීමට නියමිතව ඇතැයි මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි.
පෙරහැර නැරඹීම සඳහා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.