ඖෂධ වර්ග කිහිපයක් සඳහා කෙහෙළිය ගෙන් පාලන මිලක්!

 ඖෂධ වර්ග කිහිපයක් සඳහා කෙහෙළිය ගෙන් පාලන මිලක්!

සෞඛ්‍ය අමාත්‍ය ‍කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් හඳුනාගත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක් සඳහා විශේෂිත පාලන මිලක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව පවසයි.

මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත තමන් වෙත භාරදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව වාර්තා කර තිබේ.

දිගින් දිගටම වෙළෙඳ පොලේ දියවැඩියාව, හෘද රෝග ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග වල පවතින මිල ගණන් ඉහළ යාම සැළකිල්ලට ගෙන පාලන මිලක් හඳුන්වාදීමට නියමිත බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Newspedia 02

Related post