විදුලි බිල වැඩිවීමට එරෙහි රිට් පෙත්සමක් විසිවෙයි!

 විදුලි බිල වැඩිවීමට එරෙහි රිට් පෙත්සමක් විසිවෙයි!

විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය ලබාදීමේ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පොදු අවශ්‍යතා පෙත්සමක් අභියාචනාධිකරණය අද නිෂ්ප්‍රභ කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් වගඋත්තරකරුවන්ට විධිමත් ලෙස නොතීසි නිකුත් කිරීමකින් තොරව පෙත්සම සීමාසහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම), ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), අමාත්‍ය මණ්ඩලය සහ නීතිපති වගඋත්තරකරුවන් ලෙස නම් කරමිනි.

Newspedia 01

Related post