පුංචි ඡන්දය වෙනුවට ජනාධිපතිවරණයක්! – ලාල්කාන්ත

 පුංචි ඡන්දය වෙනුවට ජනාධිපතිවරණයක්! – ලාල්කාන්ත

ජනාධිපතිට රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය කල් දමා ඒ වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසයි.

ජන්ධිපතිවරණයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා ඉන් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයා ගේ අරමුණ බව ද හෙතෙම සඳහන් කළේ ය.

‘ව්‍යවස්ථාවට අනුව නොවැම්බර් 19 වනදායින් පස්සේ ජනාධිපතිවරණයක් තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුදු 5යි කියලනේ. නමුත් පළවෙනි වරට ජනාධිපති වෙන කෙනෙකුට පුළුවන් දෙවෙනි පාරටත් එයාම ඡන්දය ඉල්ලනවානම් අපේක්ෂකයා විදියට අවුරුදු 4න් පස්සේ ඡන්දය තියන්න පුළුවන් 5ක් යන්න ඕනේ නෑ’

දඹුල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩී ලාල්කාන්ත මහතා මෙම අදහස් පළකළේය.

Newspedia 02

Related post