මාතර ස්වාධීන කණ්ඩායමක පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

 මාතර ස්වාධීන කණ්ඩායමක පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි

මාතර මහ නගර සභාවට අදාළව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙස ඉල්ලා ස්වාධීන කණ්ඩායමක් ගොනු කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළේය.

ස්වාධීන කණ්ඩායම් නායක චමින්ද ප්‍රසංග ගුණසේකර ඇතුළු පෙත්සම්කරුවන් තිදෙනා මාතර මහ නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ නිලධාරියා ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔවුහු මෙම රිට් පෙත්සම ගොනු කළහ.

බුවනෙක අලුවිහාරේ, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය. මැතිවරණ කොමිසම වෙනුවෙන් ධනුෂි කළුපහන සහ උෂානි අතපත්තු සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන වේරදූවගේ පෙනී සිටියහ.

Newspedia 01

Related post