තැපැල් ඡන්දය නිල වශයෙන් ම කල් දමයි

 තැපැල් ඡන්දය නිල වශයෙන් ම කල් දමයි

2023 පළාත් පාලන මැතිවරණය නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද (17) නිවේදනය කළේය.

ඔහු පවසන්නේ තැපැල් ඡන්දය පෙබරවාරි 22,23,24 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ බවය.

කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරන්නේ තැපැල් ඡන්දය කල් දැමීමට හේතුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් තැපැල් ඡන්ද පත්‍රිකා එකඟ වූ පරිදි නියමිත වේලාවට සැපයීමට අපොහොසත් වීමය.

තැපැල් ඡන්දය පවත්වන දිනය හැකි ඉක්මණින් දැනුම් දෙන බව ද ඔහු නිවේදනය කර තිබේ.

Newspedia 01

Related post