කුරුළු උණ කියා තහනම් වූ බිත්තර, බේකරි කෑම සඳහා ගෙන්වයි!

 කුරුළු උණ කියා තහනම් වූ බිත්තර, බේකරි කෑම සඳහා ගෙන්වයි!

මෙරට බිත්තර හිඟය හා මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන බිත්තර ආනයනයට සැලසුම් කළද කුරුළු උණ වසංගත තත්වය මත ආනයනයට අවසර දිය නොහැකි බවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණ.

නමුදු එම බිත්තර, බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමට යටත්ව ආනයනය කිරීමට එම දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ.

ඒ අනුව අදාළ ආනයනික බිත්තර සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටී.

Newspedia 02

Related post