අනුරාධපුරේ සියලු සභාපතිවරු නිල වාහන අවභාවිතාවක!

පළාත් පාලන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මහ නගර සභාවල නගරාධිපතිවරු රාජකාරි නිල වාහනය තවමත් භාවිතා කරමින් තම වරප්‍රසාද අවභාවිතා කරන බවට ජනතාව චෝදනා කරති.
මෙම සභාපතිවරුන්ගෙන් කිහිප දෙනෙකු හැර අන් සියලු දෙනා මෙවර පළාත් පාලන මැතිවරණයෙ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වී සිටින මොහොතක මෙලෙස රාජකාරි නිල වාහන භාවිත කිරීම සදාචාර විරෝධී නොවේ දැයි ජනතාව ප්‍රශ්න කරති.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ප්‍රාදේශි සභා දහ අටක් සහ එක් මහ නගර සභාවක් පවතී. ජනතාව පවසන්නේ මෙම සියලු ප්‍රාදේශීය සභාවල සහ නගර සභාවල සභාපතිවරු අපේක්ෂකයන් ලෙසත් කීපදෙනකු අපේක්ෂකත්වය නොලබත් දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටින බවය. එවන් අවස්ථාවක ජනතා මුදලින් නඩත්තු වන මෙම ආයතනවල නිල වාහන භාවිතා කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බව ඡනතාව වැඩිදුරටත් පවසති.
වර්තමාන රජය දැඩි ආර්ථික ප්‍රපාතයකට වැටී මැතිවරණය පවා පැවැත්වීමට අපහසු තත්ත්වයක සිටින මෙවන් මොහොතක අපේක්ෂකයන් බවට පත්වූ සභාපතිවරුන් රජයේ මුදල්වලින් ලැබෙන ඉන්ධන සහ රියදුරන් භාවිතා කරමින් සිය පෞද්ගලික ගමන් බිමන් යෑමත් කෝටි ගණන් වටිනා වාහන අව භාවිතා කිරීමත් කිසිසේත් අනුමත කළ නොහැකි බව ජනතාව වැඩි දුරටත් පවසති.
ජනතාව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මැතිවරණ කොම්ෂන් සභාවේ අවධානය හෝ යොමුකර මෙලෙස රජයේ මුදල් නිරපරාදේ විනාශ කිරීම නවතා දෙන ලෙසටය.
මෙම චෝදනාව සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්.නිශාන්ත මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම තත්ත්වය දිවයිනේ සෑම තැනකම පවතින බවය. නිල වාහන භාවිත කිරිමට සභාපති වරුන්ට සහ නගරාධිපතිවරුන් ට නීතියානුකූල බලය ඇති මුත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්පූර්ණයෙන් තහනම් බව ද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
ලංකාදීප