ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළට!

 ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළට!

විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ සෑම සේවාවකම මිල ඉහළ යාම සිදුවන අතර සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයද සිය සේවාවල මිල ඉහළ දමන බව නිවේදනය කරයි.

එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පවසන්නේ ඒ අනුව ෆොටෝ කොපියක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බවයි.

අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

Newspedia 02

Related post