මුජිබර් රහුමාන්ගේ පෙත්සම සළකා බැලීමට දින නියම වෙයි

සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද සළකා බැලීමට නියම කරන ලදී.
ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම පෙබරවාරි මස 23 වැනිදාට සළකා බැලීමට නියම කළේය.
පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස මුජීබර් රහුමාන් ඉල්ලා සිටියි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගෙන් ඇප මුදල් භාර නොගැනීමට උපදෙස් දෙන අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව කියන ලිපියක් 2023 ජනවාරි 10 වැනි දින නිකුත් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මුජීබර් රහුමාන් මෙම පෙත්සම ගොනු කළේය.