බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල වැඩි කරයි!

විදුලි ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (16) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකිරීමට තීරණය කර ඇති බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ මේ අනුව එම මිල 10% කින් වැඩි කෙරෙන බවයි.