ජනක රත්නායකගේ නිල කාර්යාලයට සීල් තියයි!

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට මුද්‍රා තබා ඇති බව වාර්තා වේ.
විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දීමෙන් අනතුරුව එහි සභාපති ජනක රත්නායක මහතා ඇමරිකාව බලා ගොස් තිබේ.
මේ අතර තුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් අදාළ නිල කාර්යාලයට පහරදී එහි වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව කොල්ලුපිටිය පොලීසිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත මෙම මුද්‍රා තැබීම සිදුකර තිබේ.
ජනක රත්නායක මහතා නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ කාර්යාලය විවෘත කිරීමට නියමිත බවද වාර්තා වෙයි.