ගෝඨා යුවළ සුවසේ චීනයට..

ජන අරගලය මගින් ධුරයෙන් පහකෙරුණු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් චීනය බලා පිටත් වී ඇතැයි වාර්තා වේ.
ඔවුන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා පිටත්ව ගොස් එතැනින් චීනය බලා යනු ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
යුවළ පිටත්ව ගොස් ඇත්තේ මැලේසියා ගුවන් සේවයට අයත් MH-178 දරණ ගුවන් යානයෙනි. එවිට වේලාව මධ්‍යම රාත්‍රී 12.25 බව වාර්තා වේ.
ඔවුන් ගුවන් තොටුපල ගුවන් භාණ්ඩ ප්‍රවාහන පර්යන්තය භාවිතා කර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.