කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දික් කරයි

 කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දික් කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ලට අදාළ නියෝගය අප්‍රේල් 6 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියම කළේය.

මේ අතර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට රටින් පිටවීම වළක්වාලමින් ලබාදුන් නියෝගය අප්‍රේල් 6 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.ඒ ඉලංගසිංහ මහතා නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී කබ්රාල්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136(1)(අ) වගන්තිය ප්‍රකාරව පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබිණ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කරයක් ගෙවීමට කබ්රාල් කටයුතු කිරීම නිසා රට බංකොලොත් වූ ආර්ථික අර්බුදයට කබ්රාල් වගකිව යුතු බව පෙත්සමෙන් පවසා තිබේ.

කබ්රාල් විසින් මෙම නඩුව පවත්වාගෙන යාමේ හැකියාව අභියෝගයට ලක් කරමින් විරෝධතා ගොනු කර තිබිණ.

Newspedia 01

Related post