එක්දරු පියාට පහරදී ඝාතනය කළ සැකකාර සිසුන් ළමා රැඳවුමකට!

පසුගිය පෙබරවාරි මස 14 දින වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ සිසුන් පිරිසක් එක්දරු පියෙකුට යතුරුපැදි හිස් වැසුම්වලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා විය.
ඒ අනුව සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
සැකකාර සිසුන් තිදෙනාම මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නන් බව පොලීසිය පවසයි.