උණවටුනේ විදෙස් මුදල් සොර සැකකරු ඇල්ලීමට මහජන සහාය අවශ්‍යයි!

හබරාදූව උණවටුන ප්‍රදේශයේ හෝටලයක අමුත්තන්ගෙන් විදේශ මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.
2023 ජනවාරි 01 වැනි දින වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.
සැකකරුවන් විසින් එම හෝටලයේ පදිංචිව සිටි රුසියානු කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ඇමරිකානු ඩොලර් 16,100 ක්, රුසියානු රූබල් 195,000 ක් සහ යුරෝ 200 ක් සොරකම් කර තිබේ.
නාකියාදෙණිය ප්‍රදේශයේ තවත් 40 හැවිරිදි පුද්ගලයෙකු ඊට සම්බන්ධ බවට පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උණවටුන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ සඳහා මහජනතාවගේ සහය ද අවශ්‍යව තිබේ.
සැකකරු පිළිබඳ තොරතුරු ඇත්නම් 076 – 8477810 අංකය ඔස්සේ උණවටුන පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.
