ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක ගැන බරපතල චෝදනාවක්!

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් තරඟ සඳහා සහභාගී වීමේදී දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට හේතුව ඔවුන් තහනම් උත්තේජක භාවිතා කිරීම බවට ප්‍රබල චෝදනාවක් ඉන්දියාව තුළින්ම එල්ල වී තිබේ.
2020 වර්සයේ සිට පසුගිය 2022 විස්සයි විස්ස ලෝක කුසලානය දක්වාම ඉන්දීය කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ලෙසින් කටයුතු කළ හිටපු තේරීම් කමිටු ප්‍රධානී චේතන් ෂර්මා විසින් මෙම චෝදනාව එල්ල කරමින් පවසන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් සිය ශාරීරික යෝග්‍යතාව සියයට සියයකින්ම වැඩි කර ගැනිමට විවිධ එන්නත් වර්ග ලබා ගන්නා බවත් ඒවා තහනම් උත්තේජක පරීක්ෂණ මගින් හෙලි කිරීමද අපහසු බවත්ය.
ඉන්දියාව තුළ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට පැමිණිමට සිදුකරන පොරකෑම තුළදී තම ශාරීරික යෝග්‍යතාව සියයට සියයක්ම පෙන්වීම සඳහා මෙම තහනම් ඖෂධ ලබාගැනීම සිදුකරන බවත් සිය පෞද්ගලික වෛද්‍යවරු මාර්ගයෙන් මෙම කටයුතු සිදු කරගන්නා බවත් ඔහු පවසා තිබුණේ ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ හේතුව නිසාම ඉන්දීය ක්‍රිකට් ආයතනයද මෙම කරුණ ගැන දැනගෙන එය සඟවන බවද චේතන් ෂර්මා අනාවරණය කරයි.
වත්මන් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලදී ඉන්දියාව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස අංශ ත්‍රිත්වයේම පෙරමුනේ පසුවද්දී මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් වීම ලෝකයේම අවධානයට ලක්ව තිබේ.
ඔහු මෙහිදී කණ්ඩායමේ ඇතිවූ අර්බුධ සම්බන්ධයෙන් මෙන්ම නායකත්වයේ ඇතිවූ ගැටුම්ද එලි දක්වා ඇත.