අද සිට විදුලි කප්පාදුව නවතී!

විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ බහුතර ලැබීමත් සමඟ අද (16) දින සිට විදුලි කප්පාදුව නවත්වන බවත් අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
විදුලි ගාස්තු වැඩිකළ නිසාවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ද තමාට උපදෙස් ලබාදුන් බව විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු මිල දී ගැනීමට ලංකා බැංකුවෙන් අමතර රු බිලියන 22ක ණය මුදලක් ලබාදීමට එකඟත්වය පළ කළ බව ද අමාත්‍යවරයා පැවසීය.