විදුලි ගාස්තු සංශෝධනය අනුමත කිරීම නීති විරෝධියි!

 විදුලි ගාස්තු සංශෝධනය අනුමත කිරීම නීති විරෝධියි!

විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීම විදුලිබල පනතේ 30 වන වගන්තියට පටහැනි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ සෙසු සාමාජිකයන් මෙවැනි නීති විරෝධී තීරණයක් ගනු ලැබු​වේ දේශපාලන අධිකාරියේ, ලංකා විදුලිබල මණ්ඩලයේ හා විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත්ව බවය.

පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ අලාභය පියවා ගැනීම, ඉදිරියේදී වැඩි මිලක් ගෙවා ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගාස්තු සංශෝධනය නීතියට පටහැනි බවත් ඉදිරියේදී අවශ්‍ය නීතිමය පියවර ගෙන මෙම අත්තනෝමතික ලෙස වැඩිකරනු ලැබූ විදුලි ගාස්තු සංශෝධනය නතර කරනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

Newspedia 01

Related post